නව සිවිල් විශ්‍රාම වැටුප් සකස් කිරීම
අවසාන වරට සේවය කල ආයතනයෙන් විශ්‍රාම වැටුප් ලිපිගොනුව අප කාර්යාලයට ලැබිමෙන් අනතුරුව විශ්‍රාමිකයා විශ්‍රාම වැටුප් සකස් කර ගැනීමට පහත සදහන් ලියවිලි අප වෙත ඉදිරිපත් කල යුතුය.
- විශ්‍රාමික හැදුනුම්පත
- පදිංචියට අදාල ග්‍රාම සේවක නිළධාරිගෙන් ලබාගත් පදිංචි සහතිකයක්
- බැංකු පොතේ මුල් පිටුවේ ඡායා පිටපතක්
- විශ්‍රාමික ප්‍රකාශ පත්‍රය
වැන්දඹු විශ්‍රාම වැටුපක් සකස් කිරිම
සිවිල් විශ්‍රාම වැටුප විශ්‍රාමිකයා මියගිය මාසයේම නතර කිරිමට අප කාර්යාලයට දැනුම් දිම සහා මරණ පාරිතෝෂික ගොනුව අප කාර්යාලයට ලැබිමෙන් පසුව මරණ සහතිකයේ ඡායා පිටපතක් සහා වැන්දඹු අනත්දරු අංකය යොදා අප වෙත වැන්දඹු විශ්‍රාම වැටුප් ඉල්ලිම් ලිපියක් ඉදිරිපත් කරන්න. විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ වැන්දඹු අනත් දරු අංශයෙන් චැන්දඹු ලිපිගොනුව අප ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට එවු බවට ලිපියක් ලද විට පහත සදහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- විවහ සහතිකයේ මුල් පිටපත
- නමේ වෙනසක් ඇතොත් දිවුරුම් සහතිකයක්
- මරණ සහතිනයේ මුල් පිටපත
- ගෙවන ලද විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රයේ පිටපත
- අව්ර21ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකය
- 3 ¼, 2 ¼ ප්‍රමාණයේ ඡායා රූප තුනක් ග්‍රාම නිලධාරි ලවා සහතින කර තබා ගන්න
- ඔබේ ජාතික හැදුනුම්පත ද කරුණාකර මා වෙත ඉදිරිපත් කරන්න
- මේ සමඟ එවා ඇති කුඩා පෝරමය ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කරන්න
- විශ්‍රාම වැටුප නවත්වන බවට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගත් ලිපියක්
- වැන්දඹුවගේ/වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය
එමෙන්ම විශ්‍රාම වැන්දඹු අරමුදලේ 15 පෝරමය සහා ග්‍රාම නිළධාරි වෙත ඉදිරිපත් කළ යුතු ලිපිය අප කාර්යාලයෙන් ලබා ගත යුතුය.
අනත්දරු විශ්‍රාම සකස් කර ගැනීම
මරණ පාරිතෝෂිතය ගොනුව අප කාර්යාලයට ලැබීමෙන් පසුව වැන්දඹු අනත්දරු ලිපිගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් අප කාර්යාලයට එවු බවට ලිපියක් ලද විට,අනත්දරුවා පහත සඳහන් ලියවිලිද රැගෙන අප කාර්යාලයට පැමිණීය යුතුය.
- අනත්දරුවාගේ උප්පැන්න සහතිකය
- මව සහ පියාගේ මරණ සහතික වල මුල් පිටපත්
- මව සහ පියාගේ විවහ සහතිකය
- අවු18 ට අඩු නම් භාරකරුවෙකු සමඟ 21 වැඩි5/1,6,7,8 අයදුම් පත් ඉදිරිපත් කල යුතුය
අබාධීත විශ්‍රාම වැටුපක් සකස් කිරීම
ලබා ගන්නා විශ්‍රාම වැටුප හෝ වැන්දඹු විශ්‍රාම වැටුප විශ්‍රාමිකයා මිය ගිය මාසයේම නතර කිරීමට අප කාර්යාලයට දැනුම් දිය යුතුය. පහත සඳහන් අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
- නිත්‍ය ආබාධිත දුබලතාවයට පත් අනත්දරුවන් සඳහා වු අබාධිත විශ්‍රාම වැටුප් ඉල්ලුම් පත ( අබා 01 ) සහ
- අබාධීත බාලවයස් දරුවාගේ / දරැවන්ගේ භාරකරුවන් විසින් සැපයිය යුතු දිවුරුම් ප්‍රකාශයේ ( අබා 02 )
අබාදිත මූලික පරික්ෂන සඳහා දැනුම්දෙන දිනයේදී හා වේලාවට අප කාර්යාලයට පැමිණිය යුතුය භාරකරුවෙකු අවශ්‍ය වන්නේ නම් එම පුද්ගලයාද මූලික පරික්ෂනයට පැමිණිය යුතුය
උරුමක්කාර ගෙවීම සඳහා
විශ්‍රාම වැටුප හෝ වැන්දඹු විශ්‍රාම වැටුප නතර කිරීමට අප ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට දැනුවත් කිරීම
- මරණ සහතිකයේ මුල් පිටපත
- එම මුදල එක් අයකුට ගෙවීමට අනෙක් උරුමක්කරුවන් විරුද්ධබාවයක් නොමැති බවට ඔවුන්ගේ නම් සහ අත්සන් සහිත සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිෙය් අත්සන් කරණ ලද ලිපියක්
- (විවහක / අවිවාහක සෑම අයගේම)
- පවුලේ උරුමක්කාරයින්ගේ නම් , මියගිය අයට ඇති ඥාති සම්බන්ධය, වයස, ස්ත්‍රී පුරුෂභාවය, ඇතුලත් පවුලේ අය සම්බන්ධ විස්තර ඇතුලත් ග්‍රාම සේවක වාර්තාවක් ( එය ප්‍රාදේශිය ලේකම් ? උප දිසාපති විසින් සහතික කල යුතුය)
- පොදු 77 ආකෘති පත්‍රය
- මෙම මුදල චෙක්පතකින් ගෙවනු ලබන බැවින් කරුණාකර ඔබේ බැංකු ගිනුමේ අංකය හා බාංකුවේ නම සඳහන් කරන්න
- සිවිල් (භා සහ ගප 128)
වැන්දඹු( භා සහ ගප 129)
අබාධීත ( භා සහ ගප 130)
විශ්‍රාම්ක හැදුනුම්පත් සකස් කිරීම
පළුදු වූ විශ්‍රාමික හැදුනුම්පත් සඳහා නව විශ්‍රාමික හැදුනුම්පතක් නිකුත් කිරීම
- පළුදු වූ හැදුනුම්පත
- අඟල් 3 ¼ * 2 ¼ ප්‍රමාණයේ ඡායාපිටපත් දෙකක් ග්‍රාම නිළධාරී ලවා සහතික කර ගැනීම.
- ඉල්ලීම් ලිපියක්
නැතිවූ හැදුනුම්පත් සඳහා
හැදුනුම්පත නැතිවු බවට පොලිසියට කරන ලද පැමිනිල්ලේ පිටපතක්
- ඉල්ලීම් ලිපිය
- අඟල් 3 ¼ * 2 ¼ ප්‍රමාණයේ ඡායාපිටපත් දෙකක් ග්‍රාම නිළධාරී ලවා සහතික කර ගැනීම.
- බැංකු ණය ලබා ගැනීම වැටුප් විස්තර නිකුත් කිරීම
- විශ්‍රාම වැටුප සංශෝධිත ප්‍රධාන පත්‍රය ලැබී මාසයක් තුල විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම
- විශ්‍රාම ගොස් අවු 10ක් සම්පූර්ණ වූ විට අඩු නොකල වැටුපෙහි පිහිටවීම


















