ආයතන අංශය
| දැක්ම | සේවාලාභීන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකිරීමට මානව සම්පත් ඵලදායි ලෙස යොමු කිරීම. |
| ප්‍රධාන කාර්යයන් | ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරීම. ආදායම් සහතික නිකුත් කිරීම. පුරවැසි හැඳුනුම්පත් සකස් කිරීම. විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීම. විශ්‍රාමික හා නිවාඩු දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. ගල්,වැලි,දැව,සතුන් ආදී බලපත්‍ර නිකුත් කිරීම. |
ඉඩම් අංශය
| දැක්ම | කොට්ඨාශයේ සියළුම රජයේ ඉඩම්වල අධීක්ෂණය, පරිපාලනය, ඉඩම් නොමැති ජනතාවට හැකි ආකාරයට ඉඩම් ලබාදීම තුලින් සංවර්ධනය කිරීම හා පරිහරණය හුරු කිරීම තුලින් ජන ජීවිතය නංවාලීම. |
| ප්‍රධාන කාර්යයන් | ඉඩම් ආරවුල් නිරවුල් කිරීම. බදු අයකිරීම. ඉඩම් ඔප්පු ලබාදීම. |
සමාජ සේවා අංශය
| දැක්ම |
සමාජයේ ප්රතිලාභ නොලද හා පීඩා විදින පුද්ගලයන් හඳුනාගෙන සහන සැලසීම |
| ප්‍රධාන කාර්යයන් | මහජනාධාර හා රෝගාධාර ලබාදීම. සමාජ ආරක්ෂණ ප්රතිලාභ. ජනාධිපති ආධාර. විවිධ සමාජ දැණුවත් කිරීම්. |
සැලසුම් අංශය
| දැක්ම | ජනතාවගේ ආර්ථික කටයුතු සඳහා ඉවහල්වන පහසුකම් හදුනා ගැනීම හා වැඩි දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සම්පාදන කර ක්‍රියාත්මක කිරීම. |
| ප්‍රධාන කාර්යයන් | දත්ත රැස්කර ඒවා යාවත්කාලීනව මෙහෙයුම් මැදිරියේ පවත්වාගෙන යාම. ව්‍යාපෘති වාර්තා සකස් කිරීම. ඇස්තමේන්තු සැකසීම. සම්පත් පැතිකඩ සකස් කිරීම. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අදාළ කටයුතු. |
ගිණුම් අංශය
| දැක්ම | ප්රාජ්ය ආදායම වර්ධනය කිරීම හා වියදම් මුදල් රෙගුලාසි අනුව පවත්වාගෙන යාම. |
| ප්‍රධාන කාර්යයන් | විගණන විමසුම් වලට පිළිතුරු යැවීම. මූල්‍ය ප්‍රකාශන සැකසීම. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම. ගිණුම් පොත් පවත්වාගෙන යාම. විශ්‍රාම වැටුප් ගෙවීම් කටයුතු හා බැංකුගත කිරිම්. සියළුම ගෙවිම් කටයුතු හා බැංකුගත කිරීම්. ගබඩා පාලනය. |
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | විවාහ, උප්පැන්න හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම. |
| ප්‍රධාන කාර්යයන් | කල්ගිය උපත් මරණ ලියාපදිංචිය. විවාහ ලියාපදිංචි කිරීම. විවාහ,උප්පැන්න හා මරණ සහතික නිකුත් කිරීම. |
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|


















