ආපදා කළමනාකරණය යනු ආපදා හා සම්බන්ධ අවිනිශ්චිතතාව සැලසුම් සහගත ලෙස ප්‍රවේශය වන ක්‍රමයකි.
ආපදා කළමණාකරණ වැඩසටහනේ සුවිශේෂි අංගයන් කිහිපයකි
I. පූර්ව ආපදා කළමණාකරණය හෙවත් සැලසුම් සැකසීම.
II. ආපදා කළමණාකරණය හෙවත් ආපදාවට මූහුණ දීම.
III.පශ්චාත් ආපදා කළමණාකරණය හෙවත් පසු විපරම.
යන ප්‍රධාන තේමාවන් 3 ඔස්සේ දිගු ලෙස විහිදෙන්නකි.
අරමුණු කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිදුවන ස්වභාවික හා හදිසි ආපදා තත්වයන් සදහා සහන සැලසීම.
ආවේණික වූ ආපදා :-
වන අලි හානි ගං වතුර, සුලි සුලං,
ක්‍රියාත්මක වැඩ සටහන් :-
ආපදා කලමණාකරණය සදහා වූ විශේෂිත ක්‍රියාත්මක වැඩ සටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුය.එය සහනාකාර
ත්‍රිත්වයෙන් සැදුම්ලන්නකි.
I. ප්‍රාදේශීය හා ග්‍රාමීය ආපදා කළමණාකරණ කමිටු පිහිටුවීම.
II. සහන සේවා කමිටු පිහිටුවීම.
III.ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම.
සහන ලබා දෙන ආකාරය :-
පූර්ව ආපදා කළමණාකරණ ක්‍රමවේදය අභිබවා ආපදාව සිදු වූ පසු පළමුව මිනිසා ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට ඔවුන්ගේ
ජිවිතාරක්ෂාව තහවුරු කළ යුතුය.ඉන් පසු සාමාජීය හා සංස්කෘතිකව ගොඩ නැගෙන යම් යම් අවශ්‍යතා සපුරාලමින්
(දීර්ඝ කාලීනව)දෛනික අවශ්‍යතා සපුරාලිය යුතුය.ඒ සදහා,
I. පිසු ආහාර හා වියළි සලාක ලබා දීම.
II. අවශ්‍ය ඇදුම් පැළදුම් ලබා දීම.
III. නිවාස හානි සදහා රක්ෂණ අරමුදල් ලබා දීම.
IV. මුළුතැන්ගේ උපකරණ ලබා දීම.
V. ස්වයං රැකියා ආධාර ලබා දීම.
VI. ස්වාභාවික විපත්වලින් සිදුවන මරණ හා ශාරීරික හානි සදහා ගෙවීම් කිරීම.


















